Sunday, November 24, 2013

නක්කාවත්ත හිමි Noble Quest (Aarya Paryeshanaya)

මෙහි සිතක්ද නැත, කයක්ද නැත, එමනිසා "මම" කියා අයෙකුද නැත. මෙවැනි ලෝකයක් නැත. පරලොවක් නැත, ඉරක්, හඳක් නැත, මේ සියල්ල අවිද්යාව නිසා සකස් කරගත් මිත්යවන්ය. මෙම මිත්යාධර්ම මොහොතක් මොහොතක් පාසා සමුදය වෙයි. එම සමුදය තුලම නිරෝද වෙයි. එම නිරෝදය එම මොහොත තුලම ප්රඥාවෙන් දකිමින්යන්න. එසේ කරගෙන යාමේදී එක් ක්ෂණයක දී මෙම ලෝකනිරෝඩය ප්රත්යක්ෂවම අත්දැකිය හැකිය. එය සියලෙහි නිවීම දැකීම නොහොත් නිවන් දැකීම නම් වෙයි" යනු එම ගැඹුරු කරුණු දැක්වීමයි.

The doctrine of reality discovered by our Super exalted, the Fully Enlightened Lord Buddha with his unique axiomatic wisdom is extremely profound. The Buddha made it clear to the whole world that the supermundane Truth of Reality would be disclosed through a cessation of perception that occurs in an instant, when the reality of the complicated convention is being seen from within oneself at the same spot. But the mass of people do not understand the Truth of Reality which is clearly explained by the Buddha, because of the difficulty of making out the difference between the convention and the Ultimate Reality. That is why the world being is engaged in an endless journey in the cycle of continuity or the transmigration; being subdued to the eye, ear, nose, tongue, body and the mind that accomplish the convention. What the Buddha has taught is a way to shorten the cycle of continuity and be saved from Dukkha. A clear direction has been shown in the guidance to realize being in the convention itself that the world is an illusion and how to be aware of that doctrinal path of the absolute Truth in one's self created wisdom. Those who are accepted as scholars and intellectuals in the conventional world gather their knowledge through the studies on physical subjects in the outer world. Many people are deceived by the fact that the 'modern science' fed with perceptive knowledge gained through the studies connected with the time is the sole Universal Truth. The scientific data discovered by one generation would differ from the new discoveries of the next generation and the new ideas are continued thereon. The earliest scientists declared that the earth was a square. Another scientist in the next generation  showed with reasonable facts that it was a spherical object . But a very few people knew that the nature of the physical investigation done linking with the senses caught in time is nothing but the same differentiation. But the nontimic doctrine of reality disclosed by the Buddha is a very profound philosophy which had gone surpassing the modern science and it is the Eternal Truth that does not change in the beginning, in the middle or in the end. It is difficult to realize the Ultimate Reality of the world to the worldings (potujjana) clinged on different views and because of the knowledge obtained through sensuous experience caused by ignorance. Different interpretations of the mind are found in books. The people who accept them as the pure truth are being deceived today. That is why they go chasing after outer forces seeking for consolation in mind. Many of them are not aware that the doctrine of Dependent origination (paticca samuppada) is the real revelation of the mind which is similar to a mirage. To see Dhamma is to see the reality of the mind. The external world to which we are exposed is created within the mind. The world is a Iinage of thoughts that die within the arising itself Thus the Buddha advised us to realize the Truth by seeing the reality of the world, from within ownself. The only thing that should happen for the manifestation of Nibbana is realizing what the mind is and seeing its cessation from within ownself. Look at a tree. One may say that the tree shakes. Another one may say what shakes is not the tree, but the wind. All these are, true in the convention. But when it is considered in reality what shakes is not the tree or the wind but the mind. Assume that you see externally a scene of a child blowing up, a balloon. As the Buddha has clarified that the whole world is created within own self, both the balloon and the child who blows up, the balloon are only concepts created in one's own mind. What would it really blow up when seeing it blowing up? It is the own mind. Assume that the balloon bursts. What did really burst? Nothing but the own mind. That is the reality. What is the method to see the dhamma evidently? It is seeing from within ownself the destruction of all the concepts of the natures subjected to five senses as colour, sound etc through dispersion instantly on the same spot. When seeing it, the realization of the Four Noble Truths would occur within ownself along with it simultaneously . Therefore this truth can be realized without a least difficulty along with the performance of one's own daily activities.What is needed is only to maintain zealous (appamada) enlightened thinking. That is the way once followed by the citizens of Kuru colony. When proceeding on seeing the reality of mind, it is the great wisdom, the Nibbana or the doctrinal eye, the Dhamma cakkhu that would arise instantly through an instant cessation of perception- (sauna nirodha). It is from there, that it would be "light arisen aloko udapadi) having discarded the darkness of ignorance.A correct interpretation on what the reality or the Noble Vision (ariya dassana) is bestowed in this hook, in such a time that some persons have instigated to accept the wrong opinion that the combination of Buddhist culture and it's literature make the Buddhist vision. The intellectuals who read this book with a deep review would realize that the content in it has logically introduced the same pure nonlogical (atakkavacara) doctrine taught by the Buddha. It would be the profound consequence that can he achieved by the rare human quality to realize the correct way of Nibbana today itself by going through this text of Dhamma unheard before, a few more times.                                                Sheela Subasingha, Welpalla, Sri lanka.

1. BHAVA NIRODHAYA by Kularatna Nakkawatta

2. SATHYABIVADHANAYA by Kularatna Nakkawatta

3. ARYA DHARSHANAYA by Kularatna Nakkawatta

4. ARYA DHANAYA by Kularatna Nakkawatta

5. AKALIKA GOTHAMA DHARSHNAYA by Kularatna Nakkawatta

These books are an excellent exposition of Buddha's doctrine. The books of this nature are quite rare to find, especially coming from a native Sri Lankan. The explanations may be controversial to the traditionalists but would serve as a lamp to those who are zigzagging in search of the path, unable to find the way in the darkness, lost in the wilderness of scholarship, intellect and tradition. These books will appeal more to those who realise that they are trapped in an endless Samsaric cycle due to ignorance and craving. The detailed analysis is very clear, informative and written without any ambiguity. These books in my opinion would offer an excellent opportunity to the reader to help understand the concepts of the Buddha's doctrine very clearly.

Saturday, November 23, 2013

මෝඩ තකතිරුවෝ

සාර්ථකත්වයේ යතුර
ඔබට වරදින තැන.
ඒ වෙනුවෙන් පසුතැවිලි වන්නේ
මෝඩ තකතිරුවෝ.
 




Siri Samanthabhadra Thero
Dhamma Sermon of Siri Samanthabhadra Thero
at Siri Sadaham Ashramaya
සදහම් සිතුවිලි
සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
සිරි සදහම් ආශ්‍රමය

Sunday, November 3, 2013

Godwin

What we are suppressing, pushing away, denying, is most of the time something that we don’t like, something that is unpleasant. When we push these things away we don’t realise that we give them more power. And when they arise again, they will come in a much more powerful way.

http://www.youtube.com/v/5s4-N_p6gVc?autohide=1&version=3&attribution_tag=V189vMXTN0RekFH9AJNWIw&showinfo=1&autoplay=1&autohide=1&feature=share

Name and Form

නාමරූප

March 25, 2013 at 8:38am
  න්ද්‍රියන් බාහිරට යොමු කළවිට ඇසෙන් විවිධ සංඛ්‍යාත වලින් යුත් ආලෝක කිරණද කණෙන් විවිධ සංඛ්‍යාත, තාරතාව සහ ධ්‍වනි ගුණයෙන් යුත් වායු කම්පනද, නාසයෙන් වාතය සමග මිශ්‍ර වී ඇති විවිධ රසායනික ද්‍රව්‍ය වල ඇති අණු වල කම්පනයද, දිවෙන් ආහාර වල ඇති අණු වල කම්පනයද, ශරීරයෙන් උෂ්ණ ස්වභාවය සහ සුමට හෝ රළු (සුමට හෝ රළු බව යනු කම්පන ස්වභාවයම වෙයි) බවද ග්‍රහණය කර ගනියි. මෙම කම්පනයන් ඉන්ද්‍රියන් හරහා ග්‍රහණය කර ගන්නා තිරිසන් සත්වයා ද තම පැවැත්ම ගෙන යයි. නමුත් පරිණත වූ මිනිසාගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ ඇති පුදුම එලවන සුළු බව නිසා මිනිසා මේ ඉන්ද්‍රියන් හරහා ලෝකයක් නිර්මාණය කර ගනියි. එය සිදුවන්නේ භාෂාව හරහායි (මෙතන භාෂාව යනු කථාකරන භාෂාව පමණක් නොවෙයි. ගොළුවාට ද භාෂාවක් ඇත). තමන් විසින් ම ලෝකයක් නිර්මාණය කරගත් බව නොදකින බැවින් ඉන්ද්‍රියන් හරහා පවතින ලෝකයක් මිනිසා විසින් පිළිගනියි. මෙය මිනිසාගේ මුලාවයි. ඉන්ද්‍රියන් හරහා ලෝකයක් පිළිනොගන්නා තිරිසන් සත්වයා තුළත් ළදරුවා තුළත් මුලාවක් නැත.

බාහිර රූපයක් ඇතයි ද එම රූපය ඉන්ද්‍රියන් හරහා ග්‍රහණය කරගන්නේ යයි ද පිළිගැනීමක් මිනිසා තුළ ඇත. උදාහරණයක් ලෙස ඇසෙන් නිල් රතු ආදී බාහිර ඇති වර්ණ පෙනෙන්නේ යයි ද කණෙන් විවිධ ආකාරයේ ශබ්ද ඇසෙන්නේ යැයි ද ඔබ පිළිගනියි. භෞතික විද්‍යාව ගොඩනැගී ඇත්තේ ද මේ සිද්ධාන්තය මතයි. දෘශ්‍ය ආලෝකයේ එකිනෙකට වෙනස් වූ සංඛ්‍යත වලින් යුත් කිරණ ඇති බව ඔබ දනියි. මේ විවිධත්වය ග්‍රහණය කරගැනීමේ හැකියාව මොළයට ඇත. එයට හේතු වන්නේ සඥාවයි. මේ සඥාව විශ්වය පුරාම එකිනෙකට වෙනස් වූ ස්වරුපයන්ගෙන් පවතියි. ඒ කෙසේද යත්, ආලෝක කිරණය ඇසේ දෘෂ්ඨිවිතානය මත ගැටුන පසු තවදුරටත් ආලෝක කිරණයක් නැත. ස්නායු දිගේ මොළයට ගමන් කරන්නේ ඊට අනුරූප වූ වෙනත් සඥාවකි. මොළය තුළ ඇතිවන ආලෝක කිරණයට අනුරූප වූ වර්ණ රූප ඡායාව වෙනත් දෙයකි. එතන ආලෝක කිරණයක් නැත. ස්නායු දිගේ ගමන් කල සඥාවද නැත. මෙසේ මොළය තුළ වූ නිර්මාණය කුමක්ද යන්න ගැන කුඩා ළමයාට කුතුහලයක් උපදියි. එය කුමක්ද යන්න ගුරුවරයාගෙන් අසා දැනගනියි (මම මෙතැනදී ගුරුවරයා ලෙස අර්ථ නිරූපනය කරන්නේ මවුපිය වැඩිහිටි ආදී තමන්ගේ ඉගෙනීමට හේතුවන සියලුම දෙනාය). යම් දෙයක් නිර්මාණය වුයේ මොළය තුළයි. නමුත් ගුරුවරයාගෙන් අසා දැනගත්තේ මොළයේ නිර්මාණය වූ දෙය නොව බාහිර වර්ණයකි. මේ වර්ණය මොළගේ සිදු වූ නිර්මාණය වෙනුවට ගුරුවරයාගෙන් අසා දැනගත් දෙයකි. මෙසේ ආලෝක කිරණය නිසා මොළයේ සිදුවූ වෙනස්කම වර්ණ රූප ඡායාව ලෙස හඳුන්වයි. මේ ආකාරයටම ශබ්දය, රසය, ඝන්ධය, ස්පර්ශය ආදී රූප ඡායා ද මොළයේ නිර්මාණය වෙයි. නමුත් අසා දැනගන්නේ බාහිර වර්ණ රූපයකි; ශබ්ද රූපයකි; රස රූපයකි; ඝන්ධ රූපයකි; ස්පර්ශ රූපයකි. මෙහි අවසාන ප්‍රතිඵලය නම් අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් හෙවත් ධර්මයක් බාහිරෙන් ගොඩ නගා ගැනීමයි. ඉන්ද්‍රියන් හරහා රූපය ග්‍රහණය කර ගෙන “එය කුමක්ද” යන්න අසා දැනගැනීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන නාමය ද, නාමයත් රූපයත් උපාදානය කිරීමෙන් නාමරූපය ද උපදියි. මේ ඉන්ද්‍රියන් හරහා ඇති වූ මුලාවයි. වේදනා සඥා සංඛාර විඥාන නම් වූ නාම ධර්ම හතරකි. අනුන්ගෙන් අසා දැනගත් දේ පිළිගන්නා විට මිනිස් සත්වයා රූපය සමග වේදනා සඥා සංඛාර විඥාන නම්වූ නාම ධර්ම එකිනෙක බැඳී පංචුපාදානස්කන්ධයක් එනම් දරාගෙන උසුලාගෙන සිටින ධර්මයක් ගොඩ නගා අවසන්ය. පංචුපාදානස්කන්ධය දුකක් බව යෝගාවචරයෝ ධර්ම ඉගෙනීම තුලින් දනිති. නමුත් තමන් ඉගෙනගත් ධර්මය යනු පංචුපාදානස්කන්ධය බව ඔවුන් නොදනිති. එමනිසා පෘතග්ජනයා පංචුපාදානස්කන්ධයෙන් නිදහස් වීමට ධර්මය ම සත්‍යයයි පිළිගනිති, එම ධර්මයම ගුරුකොට ගනිති.

බොහෝ දෙනෙක් තමන් ඉදිරියේ ඇති පුටුවක් පෙන්වා ඇසෙන් පෙනෙන රූපය, රූපය ලෙසද ‘පුටුව’ නමැති නම නාමය ලෙසද විස්තර කරයි. නමුත් ‘පුටුව’ නමැති නම ද ශබ්ද රූපයක් විනා අනෙකක් නොවෙයි. ඔබ ඉදිරියේ ඇති පුටුවක්‌ දකින විට එහි රූපයත් නාමයත් එකවිට පැන නැගී නාමරූප උපදියි. රූපය යනු බාහිර වර්ණයක් හෝ ශබ්දයක් හෝ රසයක් හෝ පුටුව වැනි භාණ්ඩයක් නොව ඇස ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වූ දෘශ්‍ය ආලෝක කිරණ ආදී සඥා මගින් මොළයේ ඇතිවන රූප ඡායාවයි. නාමය කුමක්ද? එය පර්වතයෙකි. කුඩා අවදියේ සිට බාහිර පුද්ගලයින්ගෙන් අසා දැනගෙන හා පාසැල් ගොස් ‘මව’ ගැන රචනා ලියන විට එම රචනාව නිසා ‘මව’ නමැති රූපයේ නාමය ගොඩනැගෙයි. නමුත් එම රචනාව නාමය නොවෙයි. නාමය වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔබ ‘අම්මා’ දකින විට හෝ ‘අම්මා’ යන නම ඇසෙන විට හෝ ‘අම්මා’ මනෝසංචේතනා ලෙස ස්මරණය කරන විට ඒ සමගම කාලයකින් තොරව නාමය පැන නගියි. නාම පර්වතය ලෙස හඳුන්වන්නේ එයයි. මෙම නාමය කලින් කල වෙනස් වෙයි. උදාහරණයක් ලෙස පාසලේදී දියණිය අම්මා ගැන රචනා ලියන විට ඒ තුළින් නාම පර්වතයක් සාදා ගනියි. නමුත් මෙම දියණිය යම් දවසක අම්මා කෙනෙකු වනවිට - අමමා කවුදැයි ප්‍රයෝගිකවම අත් විදින විට - අම්මා ගැන ගොඩ නැගෙන්නා වූ නාම පර්වතය පාසලේදී රචනා ලියන විට ගොඩනැගුන නාමයට වඩා වැඩි වටිනා කමක් ඇත. මෙසේ නිර්මාණය කර ගන්නා දැනුම ඉන්ද්‍රිය මුළාවක් බව ඉන්ද්‍රිය හරහා මුළාවට පත්වූවෝ නොදකිති. එමනිසා මේ මුළාවක් වූ පිළිගත් ධර්මය හරහා සමහරෙක් ධර්මධරයෙක් වෙයි, සමහරෙක් බහුසෘතයෙක් වෙයි. නමුත් ඉගෙනගත් ධර්ම කෙරෙහි සැකයෙන් සිටින අයෙක් ඥානවන්තයෙක් වෙයි.

ධර්මධරයාට මනා මතක ශක්තියක් ඇත. ඇසු දේ ඒ ආකාරයටම මතක තබාගෙන නැවත අවශ්‍ය වෙලාවක වමාරයි. විභාග වලට පිළිතුරු ලියා 100% ක් ලකුණු ගන්නේ මේ අයයි. මෙවැන්නෝ සාමාන්‍ය දැනුමෙන් පරතෙරට ගොස් ඇති බැවින් සමාජයෙන් ගරු බුහුමන් ලබයි. එමනිසා තවදුරටත් මතක ශක්තිය දියුණු කිරීමේ ප්‍රතිපලයක් ලෙස තර්කය දුර්වල වෙයි. සත්‍යය ගවේශකයෙකුට අවශ්‍ය තර්කය සහ විතර්කය ධර්මධරයා ගෙන් මතුවන්නේ නැත. මේ අය ඇවිදින පුස්තකාල මෙනි. නිර්මාණශීලින් නොවෙති. ආදරය කරුණාව වැනි ගුණාංග වලින් පිරිහෙයි. කටපාඩම් කර උපාධි ලබා රැකියා කරන බොහෝ දෙනෙක් මේ ගණයට වැටෙති. ප්‍රඥාව පහල කරන්නට අවශ්‍යය විඥානය ඔවුන්ට නැත.

බහුසෘතයා තුළ සංස්ඛාරලෝකය පිළිබඳ මනා අවබෝධයක් ඇත. දේශනා පැවැත්වීමට රුසියෙකි. යමෙක් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙයි. ඝෝෂා කරයි. නමුත් විඥානය දියුණු වී නොමැති බැවින් කරණිය මෙත්ත සූත්‍රයේ දැක්වෙන ‘සක්කෝ’ (කෞශල්‍ය) නමැති ගුණය එතන නැත. එමනිසා බහුසෘතයා ද මෝහ ගඟ තරණයට සුදානම් නැත.

ඥාණවන්තයා වේදනා, සඥා, සංස්ඛාර, විඥාන නමැති සියලුම නාම ධර්ම වලින් පිරිපුන් ය. ආදරය කරුණාව ආදී ගුණාංග වලින් පිරිපුන්ය. නායකත්වයට සුදුසුය. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව ඇත. ඇසු දෙයක් ඒ ආකාරයටම පිළිනොගනියි; සැකයෙන් බලයි. තර්ක කරමින් එහි හරි වැරදි බලයි. එම නිසා ඥාණ පහල වෙයි. නමුත් අසන දේ පිළිගන්නවා වෙනුවට ප්‍රශ්න කරන බැවින් ඥානවන්ත දරුවා දෙමව්පියන්ට හිසරදයක් වෙයි. මෙවැනි අය බොහෝ විට පිළිගත් ධර්මය ගැන ප්‍රශ්න කරන බැවින් සමාජය විසින් සලකන්නේ සමාජ පිළිලයන් ලෙසයි. නමුත් යම් දවසක ප්‍රඥාව පහල කරගන්නේ සියලුම නාමධර්ම සම්පුර්ණ කරගත් ඥාණවන්තයෙක් පමණි. ඥාණවන්තයා නාමරූප වල ස්වභාවය දකින්නට සුදුස්සෙකි.

ඥාණවන්තයා තුළ පමණක් ලෞකික ඥාණ 20 ක් උපදියි. ඒ කෙසේද?  මිනිසා ඇස කණ නාසය දිව ශරීරය නම්වූ ඉන්ද්‍රියන් පහෙන් ග්‍රහණය කර පිළිගත් ධර්ම 5 ක් මොළයේ මතකය ලෙස තැන්පත් කරගනියි. ඉන්ද්‍රියන් පහෙන් පස් ආකාරයක ධර්මය තැන්පත් කරගත් විට බාහිර ධර්මතා 5 ත් අභ්‍යන්තර ධර්මතා 5 ත් සමග මුළු එකතුව 10 කි. මිනිස් සත්වයා තමන්ගේ ඉන්ද්‍රියන් විවෘතව ඇති විට බාහිර රූප දකියි. නින්දට වැටුන විට ඉන්ද්‍රියන් වැසි ඇති නමුත් සිහිනෙන් එම රූපම දකියි. එමනිසා තර්කය සහ විතර්කය ඇති කෙනා තුළ මෙම රූප ඇත්තේ බාහිර ද නැතිනම් අභ්‍යන්තරයේ ද යන ප්‍රශ්නය පැන නගියි. එම සැකය නිසා 10 ක් ව තිබු ධර්ම 20 ක් බවට පත්වෙයි. මේ ඥානවන්තයා තුළ ඇති ලෞකික ඥාන 20 එයයි. විනිශ්වයෙන් තොරව ඉන්ද්‍රියන් පිළිගන්නා ධර්මධරයන්ටත්, බහුසෘතයන්ටත් ඥාන 20 ක් පහල වන්නේ නැත.

ධර්මධරයා හෝ බහුසෘතයා හෝ ඥාණවන්තයා හෝ යනු ප්‍රඥාවන්තයෙක් නොවෙයි. ඥාණවන්තයාට යම් දවසක ප්‍රඥාව පහළවෙයි. ජාතක කථා වැනි බෞද්ධ සාහිත්‍යයේ එන කථා වලට අනුව බෝධිසත්ව වෙළෙන්දෝ ගැල් පන්සියයක බඩු පටවාගෙන වෙළදාමේ යති. මෙම පන්සියය කුමක් ද? රූප, වේදනා, සඥා, සංඛාර, විඥාන නම් වූ ස්කන්ධ 5 කි. වර්ණ, ඝන්ධ, ශබ්ද, රස, ස්පර්ශ යනුවෙන් රූප 5 කි.  මේ ආකාරයටම වේදනා 5 කි. සඥා, සංස්ඛාර සහ විඥාන ද 5 බැගින් ඇත. සියල්ලම එකට ගත් විට 25 කි. ප්‍රශ්න කිරීම නිසා ඉන්ද්‍රිය ධර්මයන් පිළිබද සැක ඇතිකරගෙන උපදවා ගත් ඥාණ 20 ත් සමහ පංචස්කන්ධය 25 ආකාරයකට ක්‍රියාත්මක වීමෙන් පංචුපාදානස්කන්ධය ගොඩ නැගෙයි. ගොනුන් විසින් අදිනු ලබන ගැල් පන්සියය එයයි (25x20=500). ඥානවන්තයා තුළ ධර්ම කෙරෙහි සැක ඇති නමුත් කායික සහ වීර්ය යොදයි. බර ඇදීම නම් එයයි.

ඥාන පහළ වු පසු සක්කාය දෘෂ්ඨිය නමැති ගැල් කරුවා විසින් ගොනුන් දක්කයි. ඥාන පහළ වීමට පෙර සක්කාය දෘෂ්ඨිය බර අදියි. ඥාන පහළ වී නොමැති අය සත්‍යය සෙවීම සඳහා බර අදින්නේ (විර්යය දරන්නේ) එබැවිනි. ඥාන පහළ වු පසු ද ප්‍රඥාව දකින තෙක් කායික වීර්ය සහ මානසික විර්යය යොදයි. නමුත් මෙතැනදී සක්කාය දෘෂ්ඨිය විසින් කායික සහ මානසික විර්යය නමැති ගොන්බාන හසුරුවයි. ධර්ම කෙරෙහි පවතින සැකය නිසා ධර්මයෙන් තමන්ව හැසිරවීමට ඉඩ නොදෙයි. මේ ගැල් පන්සියයක බඩු පටවාගෙන වෙළදාමේ යන බෝධිසත්ව වෙළෙන්දාගේ ස්වභාවයයි.

යම් දවසක මේ සියලුම ධර්ම නිර්මාණය කරගෙන ඇත්තේ නාම සහ රූප යන ධර්ම නිසා බව දකින විට 500 ක් වූ ධර්මය දෙගුණ වී 1000 ක් වෙයි. එමනිසා ගොනුන් ලිහා දමා  උන්  නිදහස් කළ විට ප්‍රඥාව පහල වෙයි. කුමාරවරු 1000 ක් සමග මහෞෂධ පණ්ඩිතයෝ පහල වෙයි (උම්මග්ග ජාතකය බලන්න). තව දුරටත් නිවන් දැකීම සඳහා කායික සහ මානසික වීර්යයක් යොදන්නේ නැත. ප්‍රඥාවන්තයා ගුරුවරයාගෙන් නිදහස් ය.

ඇසෙන් දුටුදේ කණෙන් අසා දැන ගැනීමෙන් නාමරූප උපදියි. අන්ධයා තුළ අතින් ස්පර්ශ කළ දෙය කණෙන් අසා දැන ගැනීමෙන් නාම රූප උපදියි. බිහිරා ඇසෙන් දකින දේ ඇසෙන් දකින සංකේත ආශ්‍රයෙන් නාමරූප උපද්දයි. කෙසේ වෙතත් පංචුපාදානස්කන්ධය හේතු කොටගෙන නාමරූප හරහා පිළිගත් ද්‍රව්‍යයකට පුද්ගලයෙකුට සතෙකුට හෝ මනෝරූපයකට අගයක් ලැබෙයි.

උම්මග්ග ජාතකයේ සේනකාදී පඬිවරුන් තම තමන්ගේ රහස් එලි කරන විට සේනක කියන්නේ “මම මඟුල් සල් උයනේ දී නගර ශෝභනිය (වෛශ්‍යාව) හා සමග සැතපී ඇගේ පළඳනා ලෝභයෙන් ඈ මරා ඇගේ ආභරණ හන් කඩින් පොදියක් කොට බැඳ ගෙන අපගේ ගෙයි අසවල් මහලේ අසවල් ගබඩාවේ මුවහං කොක්කේ එල්වා තැබීමි. මෙතෙක් කිසිවක් අලෙවි කෙළේ නැත. පරණව ගන්නා තෙක් බලා හිඳිමි”. යනුවෙනි.

මෙහි සේනකගෙන් පෙන්වන්නේ නාමරූප  වල ස්වභාවයයි. නාමරූපයන්ගේ ස්වභාවය රහසක් ලෙස පවතියි. නමුත් සේනක මේ රහස එලිකරයි. එය සිදුවන්නේ තථාගත දර්ශනයට පසුවයි.  වෛශ්‍යාව නම් රූප ජායාවයි.  වෛශ්‍යාව මරාදමා ඇති බැවින් රූප ඡායාව දකින්නට නැත. ඒ වෙනුවට දැන් වෛශ්‍යාවගේ රන් ආභරණ හන් කොක්කේ එල්වා ඇත. නමුත් මෙය ද රහසකි. ප්‍රඥාව පහල වීමට මේ රහස හෙළිදරවු වීම අවශ්‍ය නොවන බැවින් මම එම රහස දැන් හෙළි නොකරමි.  මේ හන් කොක්කේ එල්ලා ඇති රන් ආභරණ සේනක (නාමරූප) නම් වූ පණ්ඩිතයා තම ගබඩාවේ තබාගෙන ඇත්තේ වැඩි මිලක් ලැබෙන තුරුය.

සේනකගේ රහස් ක්‍රියාවෙන් පෙන්වන්නේ ද නාමරූප පවතින්නේ අගයක් සමග බවයි. මේ අගය පංචස්ඛන්ධය උපාදානය කරන තරමට අඩු වැඩි වෙයි. තණ්හාවට එක හේතුවක් වන්නේ මේ නාමරූපවල අගයයි. සේනක පණ්ඩිතයා වේදේහ රජුට (තන්හාවට) සේවය කරනවා යනු එයයි. අපි වාහන ගෙවල් දොරවල් වතුපිටි ආදියට ඇළුම් කරන්නේ  එම ද්‍රව්‍ය වලට අගයක් දී ඇති බැවිනි.  මේ අගයන් කාලයත් සමග වෙනස් වන අතර එය පුද්ගල බද්ධ වෙයි. අගය එකිනෙකාගේ අවශ්‍යතාව අනුව වෙනස් වෙයි. ඒ අනුව එයට දක්වන තණ්හාවද අඩුවැඩි වෙයි. මම මෙතැනදී පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ නාමරූප යනු ඇසෙන් දකින රූපයත් එයට වචනයෙන් දී ඇති නමත් නොවන බවයි. නාම පර්වතය යනු අනුන්ගෙන් අසා දැනගත් අවබෝධයකි. මාර්ගඵල සහ නිවනද මෙසේ අනුන්ගෙන් අසා අවබෝධ කරගත් දැනුමකි. ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙයි. ‘නිවන’ නම් වූ වචනය තුළ නිවන නම් වූ ශබ්ද රූපයත් නිවන යනු කුමක්ද යයි ගුරුවරුන්ගෙන් ඉගෙනගත් නාමයද ඇත. එබැවින් ‘නිවන’ යනු නාමරූප ධර්මයකි. හින්දු දහමට අනුව නිවනට ද අගයක් දී ඇත. එමනිසා අනුගාමිකයෝ නිවන් සොයා යාම සඳහා විවිධ වෘත සහ ක්‍රියා මාර්ග (මෙම ක්‍රියා මාර්ග මොනවාදැයි මම සඳහන් නොකරමි) අනුගමනය කරයි. තථාගත දර්ශනය නාමරූප ධර්මයන්ගෙන් නිදහස් වීම සඳහායි. ඒ අනුව නිවන් අවබෝධ කිරීම නොව ‘නිවනෙන්’ නිදහස් වීම තථාගත දර්ශනය වෙයි. මාර්ගඵල ද නාමරූප ධර්මයකි. මිනිසා සොයාගෙන යන්නේ තමන් ඉගෙනගත් නාම පර්වතයක් සහිත වූ මාර්ගඵලයකි. එය ලෞකික දැනුමකි. නමුත් තථාගත දර්ශනය ලෝකෝත්තරය.

නාමරූප හරහා ගොඩනගාගත් ධර්මය මුළාවක් වුවද මිනිසාට මුළාවෙන් නිදහස් වූ සත්‍යයට ඒමට නාමරූප හරහාම ගමනක් යා යුතුය. ‘තථාගත දර්ශනය’ දකින්නට ඇති අපහසුව එයයි. යම්කෙනෙකුට තමන් සිටින්නේ මුළාව තුළයයි පිළිගත හැක. නමුත් එය පිළිගන්නේද මුළාවක් වූ දැනුමෙනි. බොහෝ දෙනෙක් මෙසේ මුළාව නැති කරගැනීමට උත්සාහ කරන්නේ ලෝකය මුළාවක් බව පිළිගැනිමෙනි. නමුත් මේ පිළිගැනිම ද මුළාවක් බව ඔවුන් නොදනිති. තථාගත දර්ශනය නම් මුළාව දැකීමයි. සියලුම ක්‍රියා මාර්ග මුළාවට අසුවන බැවින් මුළාවෙන් නිදහස් වන කිසිම ක්‍රියා මාර්ගයක් තථාගත දර්ශණය තුළ නැත. නමුත් ගුරුවරුන් ගේ ධර්ම තුළ නිවනට විවිධ වූ මාර්ග ඇත. මේ මාර්ග අනුගමනය කරන අනුගාමිකයෝ තථාගත දර්ශනය  දකින තෙක් සසර සැරි සරති.  

ලෝකයක්  පිළිගත්  මිනිසා ‘නාමරූප’ ඉන්ද්‍රියයන් හරහා ග්‍රහණය කර ගන්නේ නාමයක් සහ රූපයක් ලෙස නොවෙයි. ඔබ ඉදිරිගෙන් පුටුවක්‌ ඇතිවිට එය පුටුව ලෙස දකියි. දකින්නේ පුටුවකි. එතන කිසිම සැකයක් නැත. එය අනුන්ගෙන්  ඉගෙන ගත් දෙයක් බවවත් තමන් නොදනියි. එතරම්ම ඝනව අනුන්ගෙන් ඉගෙන ගත් දේ තමන්ගේ යයි පිළිගෙන ඇත. කාලයත් සමග අවබෝධ කරගන්නා නාම ධර්මයද තමන්ගේ ධර්මයක් ලෙසම පිළිගනියි. මෙය මුළාවක් බව නොදනියි. මුලාවෙන් වැසි ඇතිබව නොදනියි. උත්පත්තිය සහ මරණයද මේ නාමරූප ධර්ම වල ඵලයකි. නමුත් නාමරූප සත්‍යය ලෙස පිළිගන්නා විට උත්පත්තිය සහ මරණය ද සත්‍යයක් ලෙස පිළිගනියි. එමනිසා ධර්මධරයෝ “ජීවිතය අනියතය, මරණය නියතය” යි කියමින් මැරෙන තෙක් මරණානුස්මෘති භාවනාව වඩති.

උත්පත්තිය සහ මරණය දුකක් බව පෙනෙන්නට පටන් ගන්නා විට උත්පත්තියට සහ මරණයට හේතුව සොයති. නමුත් නාමරූප එකක් සේ පිළිගත්, ප්‍රඥාව පහල නොවූ මිනිස් සත්වයා, මරණය නියත යයි පිළිගන්නා බැවින්, ඔවුන් මරණයත්, මරණයෙන් පසු උපතක් ඇති ධර්මයත් අනුගමනය කරති. ඔවුහු  මරණය පිළිගනිති. උත්පත්තිය සහ මරණය මුළාවක් බව දකින්නා පමණක් මරණයෙන් නිදහස් වෙයි.

තථාගත by Dr Tissa Senanayake 

http://www.youtube.com/v/-W_C9I5BceA?autohide=1&version=3&attribution_tag=Eb5wFisXcBylgpL_evIT0A&autohide=1&autoplay=1&showinfo=1&feature=share

Saturday, November 2, 2013

Invariable is this Law: Do No Harm!

http://www.youtube.com/v/xRBv3Kn3CYk?version=3&autohide=1&showinfo=1&autohide=1&autoplay=1&feature=share&attribution_tag=xIv47M7aJqjZjxH-DIpMZg

Invariable is this Law: Do No Harm!

Never do any Evil!
Neither openly, nor in Secret...
If having done bad, or is doing wrong now, pain surely returns,
even though one flee by flying away up into the deep empty space...
The effect of any action, good as bad, follows the doer like a shadow,
that never leaves...  Consequence is always Certain... Why so?
Because one cannot hide anything for one's own mind!
It knows, remembers and re-creates reactions accordingly!

Mind is therefore the forerunner of all phenomena...